
2025 වසරේ දක්නට ලැබෙන තවත් ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් පවසනවා.
මෙම උල්කාපාත වර්ෂාව 'ඔරායනිඩ්' ලෙස නම් කර තිබෙනවා.
තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි.
එය දර්ශනය වීම රාත්‍රි 11ට පමණ නැගෙනහිර දෙසින් ආරම්භ වනවා.