
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2052කට අයත් පුද්ගලයින් 8346 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
සිදුව ඇති අර්ධ නිවාස හානි සංඛ්‍යාව 335ක්.
එසේම පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ විපත්වලින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර පෙරේදා පස්වරුවේ අධික වැසි මධ්‍යයේ උපකාරක පංති ගොස් නැවත පැමිණෙමින් සිටියදී අවිස්සාවේල්ල - මාදොල ප්‍රදේශයේ කාණුවකට ඇදවැටී මීටර් 80ක් පමණ ජලයේ ගසාගෙන ගිය 17 හැවිරිදි සිසුවිය අද ජීවිතක්ෂයට පත්වුණා.
ඒ, අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අද රාත්‍රියේ මෙන්ම හෙට දිනයේත් දිවයිනේ පළාත් රැසකට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.