
දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදී ඇය කියා සිටියේ ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් ඇති බවයි.
එමෙන්ම, පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්, දකුණ 2,513ක්, මධ්‍යම 6,318ක්, වයඹ 2,990ත්, ඌව 2,780ක්, උතුරු මැද 1,568ක්, නැගෙනහිර 6,613ක්, සබරගමුව 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක් වාර්තා වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
මේ සඳහා ඉදිරියේදී දිවයිනේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා සහ 13 වසරක අඛණ්ඩ විෂයන් සඳහා මෙන්ම උසස් පෙළ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා පසුගිය 2024.07.28 වන දින සිට බඳවා ගැනීම් සිදුකර තිබෙනවා.
එහිදී ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.