/
/
title icon
පද්මේගේ හිතවතී හංසමාලිද ?
පද්මේගේ හිතවතී හංසමාලිද ?
News Editor
14 hours ago
Share:
පද්මේගේ හිතවතී හංසමාලිද ?

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.

එම ඡායාරූපයේ පද්මේ සමග පියුමි හංසමාලි ඇතුළු මෙරට තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු සිටින බව වාර්තා වනවා.

එමෙන්ම, පද්මේ පියුමි හංසමාලි සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක්ද ඔහුගේ ජංගම දුරකථනයේ තිබී හමුවී ඇති බව සඳහන්.

එම ඡායාරූපයේ සිටින සෙසු රංගන ශිල්පිනියන් ද ඉදිරියේදී ගෙන්වා ප්‍රකාශ ලබාගන්නා බව පොලීසිය පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required