වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පෙරවරුවේ ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව සභාපතිවරයා බරපතළ තුවාල ලැබුවා.
අද සභාවේ මහජන දිනය සභාපතිවරයා විසින් පවත්වා ඇති අතර, ඔහුව හමුවීමට පැමිණි අයෙකු ලෙසින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.
වෙඩි ප්‍රහාරයෙන් පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා.
එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පසුව වාර්තා වුණා.