/
/
title icon
බැකෝ සමන්ගේ සුපිරි බස් දෙකක් අල්ලයි
බැකෝ සමන්ගේ සුපිරි බස් දෙකක් අල්ලයි
News Editor
5 days ago
Share:
බැකෝ සමන්ගේ සුපිරි බස් දෙකක් අල්ලයි

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා. 

ඉන් එක් බස් රථයක් කටුනායක පිහිටි විදේශිකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව සඳහන්.

එමෙන්ම, රුපියල් කෝටි 2.5ක් පමණ වටිනාකමින් යුත් අනෙක් බස් රථය මාර්ග අංක 98 මොනරාගල - කොළඹ මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබෙනවා.

මෙහි එක් බස් රථයක් බැකෝ සමන් අත්අඩංගුවට ගැනීමට සති දෙකකට පෙර මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇතැයි සඳහන්.

එම බස් රථ දෙක වෙනත් අයගේ නම් යොදාගෙන මිලදීගන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බස් රථ තමාට අයත් බවට බැකෝ සමන් පිළිගෙන ඇති බව සඳහන්. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required