මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසනවා.
පසුගියදා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය මුල් කරගනිමින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.