/
/
title icon
කුවේට් යළි ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි
කුවේට් යළි ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි
News Editor
1 day ago
Share:
කුවේට් යළි ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි

වසර 04ක පමණ කාලයක් ශ්‍රී ලංකාවත් සමඟ ගුවන් ගමන් අත්හිටුවා තිබූ කුවේට් ගුවන් සේවය යළි මෙරට සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් කුවේට් ගුවන් සේවයට අයත් ඒ-320 නියෝ වර්ගයේ ගුවන් යානය අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියා. 

එහිදී එම යානය ජල ආචාර මධ්‍යයේ පිළිගත් අතර, මෙම ගුවන් ගමන සඳහා මගීන් 94 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 06 දෙනෙකු එක්ව සිටියා. 
              
ඒ අනුව කුවේට් ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල කුවේට් සිට කටුනායක ගුවන් තොටුපොළ අතර ගමන් සිදුකිරීමට නියමිතයි.

2021 වසරේ දෙසැම්බර් 31 වනදින සිට කුවේට් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවත් සමඟ ගුවන් ගමන් අත්හිටුවා තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required