/
/
title icon
ඉන්දියාවේ අයියර් දැඩි සත්කාර ඒකකයට
ඉන්දියාවේ අයියර් දැඩි සත්කාර ඒකකයට
News Editor
1 day ago
Share:
ඉන්දියාවේ අයියර් දැඩි සත්කාර ඒකකයට

ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදි පසුගිය සෙනසුරාදා පැවති තෙවන එක්දින තරගයේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඇති වූ ආබාධයකින් ඉන්දීය උපනායක ශ්‍රෙයාස් අයියර් රෝහල්ගත කර තිබෙනවා.

වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී ඇත්තේ ඔහුගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහු මේ වනවිට සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

වෛද්‍යවරු විසින් අයියර්ගේ රුදිර වහනය නැවැත්වීමට දැඩි උත්සාහයක් දරන බවත්, ඔහුට තවත් දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමට සිදුවනු ඇති බවත් සඳහන්.

තත්ත්වය යහපත් නොවන්නේ නම් ඔහුට තවදුරටත් රැඳී සිටීමට සිදුවන ඇති.

ඔස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරී දවාගැනීම සඳහා උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required