පසුගිය සති කිහිපයට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල අද කොළඹ හෙට්ටිවීදියේ රුපියල් 298,000ක් ලෙස දැක්වෙනවා.
මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වැනිදාට සාපේක්ෂව අද වනවිට රුපියල් 81,000කින් පහළ ගොස් තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් 17 වැනිදා කැරට් 22 රන් පවුමක මිල රුපියල් 379,200ක් ලෙස දැක්වුණා.
මේ අතර එදින රුපියල් 410,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් තිබෙනවා.