ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජගත් මණුවර්ණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් සඳහන් කළේ ඉඩම් බෙදාදීමේ ජාතික උත්සවයකට තම සේවාදායකයා සහභාගි වී ඇති බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
කෙසේ වෙතත්, කරුණු සළකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකරුට වරෙන්තු නිකුත් කළා.