/
/
title icon
හෙට වෛද්‍යවරුන් වැඩවර්ජනයක
හෙට වෛද්‍යවරුන් වැඩවර්ජනයක
News Editor
4 hours ago
Share:
හෙට වෛද්‍යවරුන් වැඩවර්ජනයක

වෛද්‍යවරුන්ගේ හිඟය, කාර්ය මණ්ඩලයේ ගැටලු, ඖෂධ හා උපකරණ හිඟය ඇතුළු කරුණු කිහිලයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට උදෑසන 8.00 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ, සියලුම රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 

ඒ අනුව දෛනික ප්‍රතිකාර සේවා සියල්ල හෙට අඩපණ වනු ඇති බව ඔහු සඳහන් කළා. 

කෙසේ වෙතත්, සෞඛ්‍ය බලධාරීන් සාධාරණ විසඳුමක් ලබා දෙන්නේ නම් වැඩවර්ජනය පිළිබඳව යළි සලකා බැලීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required