සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල 'රටම එකට' ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මත්ද්‍රව්‍ය රට වෙලාගත් මායාකාරී ව්‍යවසනයක් බවත් එය පරාජයට පත්කිරීමට තමා කටයුතු කරන අතර, දරුවන්, පොදු සමාජය හා ජාතිකයක් ලෙස මුළු මහත් රටම මෙම මායාකාරී ව්‍යවසනයේ ගොදුරු බවට පත්වෙමින් තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියා.
මේ අතර තරුණ පරම්පරාව මත් උවදුරේ විශාලතම ගොදුර බවට පත්ව ඇතැයිද සඳහන් කළ ජනාධිපතිවරයා, මේ වනවිට ගම් නියම් ගම්කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් පවතින බවද පැවසුවා.