/
/
title icon
2025 උසස් පෙළ උපකාරක පන්ති නොවැම්බර් 04න් අවසන්
2025 උසස් පෙළ උපකාරක පන්ති නොවැම්බර් 04න් අවසන්
News Editor
9 hours ago
Share:
2025 උසස් පෙළ උපකාරක පන්ති නොවැම්බර් 04න් අවසන්

2025 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ  අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙලෙස තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

2025 උසස්පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වීමට නියමිතයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required