/
/
title icon
ටැන්සානියාවේ විරෝධතාවලින් 700ක් මරුට - ඇඳිරි නීතියත් පනවයි
ටැන්සානියාවේ විරෝධතාවලින් 700ක් මරුට - ඇඳිරි නීතියත් පනවයි
News Editor
8 hours ago
Share:
ටැන්සානියාවේ විරෝධතාවලින් 700ක් මරුට - ඇඳිරි නීතියත් පනවයි

ටැන්සානියාවේ දින 3ක් පුරා පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් එරට පුද්ගලයින් 700කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසනවා. 

මේ වනවිට ටැන්සානියාවේ අන්තර්ජාල සබඳතා අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව වාර්තා වීම පසුවට තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ. 

ඉකුත් ඔක්තෝබර් 29 වැනිදා පැවති එරට ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා කරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා.

පාලක රජය විසින් ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරන බවට විරෝධතාකරුවන් චෝදනා කරන අතර, නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා මේ වනවිට ටැන්සානියාවට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required