/
/
title icon
රේගුව ආදායම් ඉලක්ක සපුරයි
රේගුව ආදායම් ඉලක්ක සපුරයි
News Editor
1 month ago
Share:
රේගුව ආදායම් ඉලක්ක සපුරයි

2025 සැප්තැම්බර් මස 30 වැනිදා වනවිට අපේක්ෂිත ඉලක්කයෙන් 117%ක් සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු පවසනවා.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පසුගිය දා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දී මේ බව අනාවරණය කළා.

ඒ අනුව 2025 සැප්තැම්බර් 30 වන දිනට අපේක්ෂිත රේගු ආදායම රු බිලියන 1,485ක් බවත්, රු බිලියන 1,737ක ආදායමක් මේ වනවිට ලැබී ඇති බවත් රේගු නිලධාරීන් පැවසුවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සෑම මසකම රේගු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් වැඩිම ආදායමක් හිමිවී ඇත්තේ, වාහන ආනයනය මඟින් 2025 ඔක්තෝබර් 14 වන විට රු බිලියන 587.11ක් බවද මෙහිදී අනාවරණය වුණා.

එම අගය ඒ වනවිට සමස්ත ආදායමෙන් 37%ක් බවද රේගු නිලධාරීන් පැවසුවා.

ඒ අනුව ඔක්තෝබර්14 වන විට මෝටර් කාර් 55,447ක් ආනයනය කර ඇති අතර, එමඟින් රු බිලියන 474.26ක රේගු බදු ආදායමක් හිමිව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required