/
/
title icon
ආදායම් බදු වාර්තා නොවැම්බර් 30ට කලින් දෙන්නැයි සිහිකැඳවීමක්
ආදායම් බදු වාර්තා නොවැම්බර් 30ට කලින් දෙන්නැයි සිහිකැඳවීමක්
News Editor
12 hours ago
Share:
ආදායම් බදු වාර්තා නොවැම්බර් 30ට කලින් දෙන්නැයි සිහිකැඳවීමක්

2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේනදය නිකුත් කර තිබෙනවා.

ඔවුන් නිවේදනය කරන්නේ, ඉහත සඳහන් තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බවයි.

නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

වැඩි විස්තර 1944 අංකයෙන් හෝ www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබාගත හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required