/
/
title icon
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය යළිත් ප්‍රදීප් නිලංග දෑලට
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය යළිත් ප්‍රදීප් නිලංග දෑලට
News Editor
21 hours ago
Share:
දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය යළිත් ප්‍රදීප් නිලංග දෑලට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සඳහා යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතා අද තේරී පත්වුණා. 

ඒ, මහනුවර  බෞද්ධ මණ්ඩපයේ පැවති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේදීයි. 

එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගනිමින්  තුන්වන වරටත් වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්වුණා. 

ඒ අනුව ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා ප්‍රදීප් නිලංග දෑළ යළිත් තේරී පත් වූයේ වැඩි ම වාර ගණනකින් දියවඩන නිලමේ ධූරයට පත් වූ අයෙකු ලෙස ඉතිහාසයට එක්වෙමින්.

2005 වසරේදී මුල්වරට දියවඩන නිලමේ ධූරය සඳහා තේරී පත්වූ ඔහු 2015 වසරේ පැවති නිලවරණයෙන්ද ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා තේරී පත් වූයේ, දෙවන වරටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required