/
/
title icon
ලෝකයේ මිනිසුන් වඩාත්ම සතුටින් සිටින රටවල් පිළිබඳ සරල විමසුමක්
ලෝකයේ මිනිසුන් වඩාත්ම සතුටින් සිටින රටවල් පිළිබඳ සරල විමසුමක්
Madumalika Wickramasinghe
4 months ago
Share:
ලෝකයේ මිනිසුන් වඩාත්ම සතුටින් සිටින රටවල් පිළිබඳ සරල විමසුමක්

ලෝකයේ සෑම මිනිසෙකුගේම මූලික අයිතිවාසිකමක් වන්නේ සතුටින් ජීවත් වීමයි. සතුටින් ජීවත්වීමට ආහාර, ඇඳුම්, නිවාස සහ සෞඛ්‍ය පහසුකම් වැනි මූලික අවශ්‍යතා මෙන්ම ආරක්ෂාව, හොඳ රැකියා අවස්ථා, අධ්‍යාපනය සහ සමාජයේ සාමය තිබිය යුතුයි. ලෝකයේ රටවල් සියල්ලම මේ අවශ්‍යතා කොතරම් දුරට සපුරන්නේදැයි සොයා බැලීමට 2002 වසරේ සිට 'ලෝක සතුට වාර්තාව' (World Happiness Report - WHR) නම් වාර්තාවක් සකස් කර තිබේ.


සතුට මැනීමේ මූලික ක්‍රමවේදය
සතුට මැනීම සඳහා පර්යේෂකයන් රටවල් 149කින් දත්ත රැස්කර ප්‍රධාන සාධක හයක් සලකා බලනු ලබයි.එම සාධක මගින් රටක සාමාන්‍ය සතුටින්, 75% කට වඩා වැඩි ප්‍රමාණයක වෙනස්කම් පැහැදිලි කෙරේ.
සලකා බලන ප්‍රධාන සාධක හය ලෙස,


•    රටක ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP)
•    සමාජ සහයෝගය,එනම් දුෂ්කර අවස්ථාවලදී උපකාරයට සිටින කෙනෙකු සිටිනවාද යන්න පිළිබඳ හැඟීම.
•    නිරෝගී ජීවිත අපේක්ෂාව
•    තමන්ගේ ජීවිත පිළිබද තීරණ ගැනීමට ඇති නිදහස
•    ජනතාවගේ ත්‍යාගශීලී බව
•    රජය තුළ සහ ව්‍යාපාරවල දූෂණ මට්ටම පිළිබඳ අවබෝධය

 
මෙම සංසන්දනයන් නිවැරදි කිරීම සඳහා, පර්යේෂකයන් අඩුම සතුටක් ඇති 'ඩිස්ටෝපියා'  නම් මනස්කල්පිත රටක් උපකල්පනය කර සියලුම රටවල් ඊට සාපේක්ෂව ලකුණු ලබා ගන්නා ආකාරයේ විශ්ලේෂණය කරයි.


ලෝකයේ සතුටින්ම සිටින රටවල්
2021 වාර්තාවට අනුව, ලෝකයේ සතුටින්ම සිටින රටවල් හතම උතුරු යුරෝපීය කලාපයට අයත් වීම විශේෂයෙන් කැපී පෙනෙන කරුණකි.ඉන් ප්‍රථම ස්ථානය ලබා ගත්තේ ෆින්ලන්තයයි. ඔවුන් ලකුණු 7.842 ක් ලබා ගෙන ඇත. ෆින්ලන්තය අඛණ්ඩව සිව්වන වසරටත් (2021වාර්තාව) ඉහලින්ම සිට ඇත.එසේම නවතම 2024 වාර්තාවට අනුවද ෆින්ලන්තය අඛණ්ඩව අටවන වසරටත් පළමු ස්ථානයේ රැඳී සිටී.
2021 ශ්‍රේණිගත කිරීමේදී ඉහළම ස්ථාන ලැබූ රටවල් මෙසේය.


1.ෆින්ලන්තය - 7.620
2.ස්විස්ටර්ලන්තය - 7.571
3.අයිස්ලන්තය - 7.554
4.නෙදර්ලන්තය - 7.464
5.නෝර්වේ - 7.392
6.ස්වීඩනය - 7.363


එසේම 2027 වාර්තාව අනුව ඩෙන්මාකය ( 7.521) දෙවනුව සහ අයිස්ලන්තය (77.515) සිටී.
ඊට හාත්පසින්ම වෙනස්ව  එකේදී ඇෆ්ඝනිස්ථානය (2.523) ලෝකයේ අඩුම සතුටක් ඇති රට ලෙස 149 වැනි ස්ථානයේ සිටියේය. අඩු ආයු අපේක්ෂාව සහ අඩු ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මෙයට හේතු විය. ඇෆ්ඝනිස්ථානය 2024 දී ට අඩුම සතුටක් ඇති රට ලෙස තවමත් පවතී.


ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ තත්ත්වය
දකුණු ආසියානු කලාපයේ,ශ්‍රී ලංකාවද 2021 දී 126 වෙන ස්ථානයේ සිටිඅතරින් 2024 වාර්තාවට අනුව ලකුණු 3.898 ක් ලබා 127 වන ස්ථානයට පත්ව තිබේ.ආර්ථික අර්බුද හේතුවෙන් ආයතන කෙරෙහි විශ්වාසය බිඳ වැටීම නිසා රටේ සතුට වේගයෙන් අඩුවී ඇති බව පෙනී යයි. ශ්‍රී ලංකාවේ සතුටේ ලකුණු 2022 දී ලකුණු 4.44 ක අගයක සිට 2024 දී ලකුණු 3.9 දක්වා අඩු වී තිබේ.


කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අසල්වැසි රටක් වූ භූතානය, සාමාන්‍ය සතුට මැනීම සදහා " දළ ජාතික සතුට" (Gross National Happiness - GNH) නම් වූ සුවිශේෂී ක්‍රමයක් අනුගමනය කරයි. GNH මගින් සංස්කෘතික සංරක්ෂණය, පාරිසරික සංරක්ෂණය සහ යහපාලනය වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.2022 සමීක්ෂණයකට අනුව භූතානයේ ජනගහනයෙන් 48.1% ක් සතුටින් සිටින බව වාර්තා විය. GNH වැනි උසස් දර්ශනයක් තිබුණත් භූතානය ඉහල තරුණ රැකියා විරහිතභාවය හේතුවෙන් සංක්‍රමණ ගැටලුවකට මුහුණ දෙමින් සිටි.


ෆින්ලන්තයේ සතුටට හේතු
ෆින්ලන්තය අඛණ්ඩව පළමු ස්ථානයේ සිටීමට හේතුව ඔවුන්ගේ දේශගුණය හෝ ධනයට වඩා රටේ ශක්තිමත් ආයතනික ක්‍රමයයි.


විස්වාසය සහ සමානාත්මතාවය - ෆින්ලන්ත සමාජයේ ඉතා ඉහළ විශ්වාසයක් තිබේ. දූෂණ අවම බවට ජනතාවට හැගේ. එමෙන්ම පුළුල් සමාජ සුභසාධන ප්‍රතිලාභ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ පුළුල් මධ්‍යම පංතියක් සිටීම නිසා සමාජයේ සෑම කෙනෙකුටම අවස්ථා ඇති බවට හැඟීමක් තිබේ.


නිවාස ප්‍රතිපත්ති - ෆින්ලන්තය නිවාස නොමැතිකම අවසන් කිරීම සඳහා "පළමුව නිවාස" ( Housing First )  නම් පුරෝගාමී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. මෙහිදී පුද්ගලයාගේ වෙනත් ගැටළු (රැකියාව, ඇබැහිවීම්) විසඳීමට පෙර ඔවුන්ට කොන්දේසි විරහිතව ස්ථාවර නිවාස ලබා දේ. මෙම ක්‍රමය නිසා  ෆින්ලන්තය ලොව අඩුම නිවාස නොමැති අය සිටින රටවල් අතරට එක් වී තිබේ.


අධ්‍යාපනය සහ සෞඛ්‍යය - ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ලොව ඉහළම තලයක පවතින අතර, එය තරුණ තරුණියන්ට ඉදිරියට යාමට වැඩි අවස්ථා උදාකර දේ. සෞඛ්‍ය සේවා පද්ධතියක්ද ඇති නිසා පුරවැසියන්ට අසනීපයකදී ඇතිවන මූල්‍ය වශයෙන් බියකින් තොරව ජීවත්වීමට හැකිවේ.


ස්වභාවධර්මයට සමීප වීම - ෆිල්ලන්ත වැසියන්ගේ අඩු ආතතියකින් යුත්, සන්සුන් ජීවන රටාවකට ඔවුන් ස්වභාව ධර්මයට දක්වන සමීපතාවයද බලපානු ලබයි. ඔවුන් සාමාන්‍යයෙන් මිනිත්තු දහයක ඇවිදීමේ දුරින් උද්‍යානය හෝ වනාන්තරයක් අසල සිටින බව පවසයි.


ධනය පමණක් ප්‍රමාණවත් නොවීම
රටක ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සතුටට වැදගත් වුවත් එය තනි සාධකයක් නොවන බව නොර්ඩික් රටවලින් පැහැදිලි වේ. 2020 දත්ත අනුව නොර්වේ සහ  ස්විස්ටර්ලන්තය යන රටවල් වල ෆින්ලන්තයට වඩා සැලකිය යුතු ලෙස ධනවත් වුවත් ෆිල්ම් ෆින්ලන්තය ඉහළම සතුටක් වාර්තා කරයි. මෙයින් පෙන්වන්නේ රටක ධනය බෙදා හරින ආකාරය සහ සමාජ සමානාත්මතාවය දළ ජාතික ආදායමට වඩා සතුටට වැදගත් බවයි.
එසේම නිරෝගී ජීවිත අපේක්ෂාවද සතුටට අවශ්‍ය වේ. ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය වැනි රටවල් වැඩි ආයු අපේක්ෂාව සදහා ප්‍රසිද්ධ වේ. එමෙන්ම ස්විස්ටර්ලන්තය, අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය ලෝකයේ ආරක්ෂිතම රටවල් අතර සිටීම පුරවැසි ආරක්ෂාව, සතුට සඳහා ඉතා වැදගත් බව තහවුරු කරනු ලබයි.


පරම්පරා අතරේ සතුටේ වෙනස්කම්
2024 වාර්තාවේ එක් වැදගත් කරුණක් වූයේ විවිධ වයස් කාණ්ඩ අතර ඇති සතුටේ ඇති වෙනස්කම්ය. එක්සත් ජනපදය වැනි ඇතැම් රටවල 1965 ට පෙර උපත ලැබූ වැඩිහිටි පරම්පරාව 1980න් පසු උපත ලැබූ තරුණ පරම්පරාවට වඩා සතුටින් සිටින බව වාර්තා විය.
කරුණ පරම්පරාව නිවාස, ආධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා ඉහළ යන වියදම් වැනි ආර්ථික අභියෝගවලට මෙන්ම සමාජ මාධ්‍ය නිසා ඇතිවන පීඩනයන්ට සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන බියටද මුහුණ දේ. මේ නිසා ඔවුන්ගේ සතුට අඩුවී තිබේ. කෙසේ වෙතත් මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල නම් සියලුම වයස් කාණ්ඩවල සතුට වැඩි වී ඇති බව පෙනී යයි.


සතුට ඇති කිරීම සඳහා වන ප්‍රතිපත්තිමය උපදෙස්
රටක සතුට වැඩි කිරීමට නම් භූගෝලීය වාසනාවට වඩා නිවැරදි ප්‍රතිපත්ති වැදගත් වේ. නෝර්ඩික් රටවල සාර්ථකත්වය පෙන්නුම් කරන්නේ ඉහළ විශ්වාසය, අවම දූෂණය, සමානාත්මතාවය සහ පුළුල් සමාජ ආරක්ෂණ ජාලයන් අත්‍යවශ්‍ය බවය.
ඒ අනුව සතුටින් සිටීමට නම්,


විශ්වාසය ඇති කිරීම සහ දූෂණය අවම කිරීම - දූෂණය රටක සතුටට විනාශකාරී බලපෑමක් ඇති කරන නිසා විනිවිද පෙනෙන පාලනයකට සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය දිය යුතුයි.


මූලික ආරක්ෂාව තහවුරු කිරීම - ෆින්ලන්තයේ "පළමුව නිවාස" ප්‍රතිපත්තිය වැනි මූලික ජීවිත ස්ථාවරත්වය තහවුරු කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.


රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය - ගුරුවරුන් වැනි රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය තත්ත්වය සහ වැටුප් වැඩි කිරීමෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකිය.


තරුණ පරම්පරාවේ ගැටලු විසඳීම - නිවාස මිල දැරිය හැකි මට්ටමක පවත්වා ගැනීම සහ උසස් අධ්‍යාපනයට ඇති ප්‍රවේශය වැඩි කිරීම වැනි කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් තරුණ පරම්පරාවේ සතුට ආරක්ෂා කළ හැකිය.


එසේනම් සතුට කියා අප සිතාගෙන සිටින්නෙ කුමක්ද යන්න ඔබව තවත් කල්පනා කර බලන්න..

මදුමාලිකා වික්‍රමසිංහ

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required