/
/
title icon
පොහොර සහනාධාරයට මිලියන 20,000ක්
පොහොර සහනාධාරයට මිලියන 20,000ක්
News Editor
13 hours ago
Share:
පොහොර සහනාධාරයට මිලියන 20,000ක්

පොහොර සනාධාරය නොලැබීමට හෝ ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා.

ඔහු පවසන්නේ පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.

මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 30වැනිදා ආරම්භ කළ බවත් ඒ යටතේ එක් වී වගාකරුවෙකුට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීම සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සහනාධාරය වාරික දෙකක් වශයෙන් ලබා දීමට කටයුතු කෙරෙනවා. 

එමෙන්ම එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ කන්න රැස්වීම පවත්වා ගොවීන්ගේ නාම ලේඛනය පිළියෙළ කර ගොවිජන සේවා මධ්‍යස්ථානයට වාර්තා කළ වහාම පළවෙනි වාරිකය වශයෙන් රුපියල් 15,000ක මුදලක් ලබා දෙන බවයි.

දෙවන වාරිකය වශයෙන් ඇති ඉතිරි රුපියල් 10,000ක මුදල භූමියේ වී වගාව ආරම්භ කළ බව තහවුරු කළ විට ලබා දෙන බවද ඔහු පැවසුවා.

ගෝවීන් ලක්ෂ 14කට පමණ එනම් කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8කට පමණ මෙම සහනාධාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට බලාපොරොත්තුව වන බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළා. 

රජය විසින් මහ කන්නයේ පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 20,000ක මුදලක් වෙන් කර ඇති අතර, පොහොර සනාධාරය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මේ දක්වා කාලය තුළ ගොවීන් 211,974 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1976ක මුදලක් ලබා දී ඇති බවද ධම්මික රණතුංග මහතා කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required