2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා අබුඩාබි හිදී පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කළා.
ඒ අනුව IPL වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙනු අඛණ්ඩව තෙවන වතාව මෙයයි.
පළමුවරට IPL වෙන්දේසියක් 2024 වසරේ දී ඩුබායි හිදී පැවැත් වූ අතර, ඉන් අනතුරුව 2025 වාරය සඳහා වූ වෙන්දේසිය සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත්වුණා.
වෙන්දේසියට දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් නොවැම්බර් 15 වැනිදා ඉන්දීය වේලාවෙන් පස්වරු 3ට පෙර ඔවුන්ගේ සංචිතවලින් නිදහස් කරන සහ රඳවා ගැනීමට බලාපොරොත්තුවන ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත්කළ යුතුයි.
ඉන් අනතුරුව වෙන්දේසිය සඳහා ඉදිරිපත්කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව සකසනු ලබනවා.
2026 IPL තරගාවලිය මාර්තු 15 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා පැවැත්වීමට මූලික සැලසුම් සකසා තිබෙනවා.