/
/
title icon
චෙන්නායි මතීෂව නිදහස් කරයි
චෙන්නායි මතීෂව නිදහස් කරයි
News Editor
1 hour ago
Share:
චෙන්නායි මතීෂව නිදහස් කරයි

2026 ඉන්දීය ප්‍රී‍මියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රඳවාගන්න හා නිදහස් කරන ක්‍රීඩකයන් නිවේදනය කර තිබෙනවා. 

ඒ අනුව මෑත කාලය තුළ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන තරගාවලියේදී තම සංචිතයෙන් නිදහස් කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පසුගිය වසරේ දී ඔහු ඉන්දීය රුපියල් කෝටි 13කට රඳවා ගෙන තිබුණා.

2023 වසරේ දී චෙන්නායි නියෝජනය කරමින් මංගල IPL තරගාවලියට සහභාගි වූ මතීෂ, සිය කුළුදුල් තරගාවලියේදීම ජයග්‍රාහී කණ්ඩායමක සමාජිකයෙකු බවට පත්වුණා.

එවර ඔහු චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් තරග 12කදී කඩුලු 19ක් දවාගැනීමට සමත් වූ අතර, මේ වනවිට ඔහු තරග 32කදී කඩුලු 47ක් බිඳහෙළා තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required