/
/
title icon
වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් - පස්වරුවේ දිවයිනටම වැසි
වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් - පස්වරුවේ දිවයිනටම වැසි
News Editor
2 hours ago
Share:
වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් - පස්වරුවේ දිවයිනටම වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද අපේක්ෂා කරන බවයි ඔවුන් නිවේදනය කළේ. 

එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත්, උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතිනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required