/
/
title icon
ඇණහිටි රියදුරු බලපත්‍ර මුද්‍රණය යළි ඇරඹේ
ඇණහිටි රියදුරු බලපත්‍ර මුද්‍රණය යළි ඇරඹේ
News Editor
2 hours ago
Share:
ඇණහිටි රියදුරු බලපත්‍ර මුද්‍රණය යළි ඇරඹේ

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව දෛණිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර තිබෙනවා.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වුණා.

එම මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර, ඉදිරියේදී රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර දින 14ක් ඇතුළත එය නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required