නිසි ක්‍රමවේදයකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන සොයාබලා වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් අදාළ යෝජනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
පසුගිය සමය පුරා මෙම ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීමේ සිදුවීම පිළිබඳ වරින්වර සමාජයේ කතාබහක් නිර්මාණය වුණා.