ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව පවත්වා තිබෙනවා.
මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැන නැගී ඇති අර්බුද පිළිබඳ සාකච්ඡා වී ඇතැයි සඳහන්.