/
/
title icon
විපක්ෂයේ රැලිය නිසා හෙට නුගේගොඩ විශේෂ රථවාහන සැලැස්මක්
විපක්ෂයේ රැලිය නිසා හෙට නුගේගොඩ විශේෂ රථවාහන සැලැස්මක්
News Editor
12 hours ago
Share:
විපක්ෂයේ රැලිය නිසා හෙට නුගේගොඩ විශේෂ රථවාහන සැලැස්මක්

මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත මහජන රැළිය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. 

මෙම මහජන රැළිය සඳහා සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්ෂිකයින් හා පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස විශේෂ රථවාහන හා ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ. 

ඒ අනුව, දහවල් 02.00 සිට රැළිය අවසන්වන තුරු නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථවාහන ගමනාගමනය සීමා කෙරෙනවා. 

අදාළ කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාවට ඇති විය හැකි අපහසුතා මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියා. 

ඒ අනුව භාවිතා කළ හැකි විකල්ප මාර්ග වන්නේ, 

කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකිය.

පිටකෝට්ටේ දෙස සිට නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කළ හැකිය.

මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔසසේ නුගේගොඩ නරගය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැකිය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required