පාසල් ළමයින් අතර දුම්පානය ඉහළ ගොස් ඇතැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසනවා.
වයස අවුරුදු 14 හෝ 15 වන විට පාසල් ළමයින් බොහෝ පිරිසක් දුම්වැටි අත්හදා බැලීමට යොමුව ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙලෙස දුම්පානය කිරීම පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති වීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.