/
/
title icon
ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට
ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට
News Editor
1 month ago
Share:
ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට

ලෝක රූ රැජින තරගයේ කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් දිනාගෙන තිබෙනවා. 

මෙම විශ්ව රූ රැජින තරගාවලියට පෙර ෆාතිමා බොෂ් තරගකාරිය තායි තරග අධ්‍යක්ෂවරයෙකුගේ අපකීර්තියට ලක් වී තිබුණා. 

නමුත් ඇය ලෝක රූ රැජින අවසන් තරගයේදී විශ්ව රූ රැජින ලෙස මෙලෙස කිරුළු පළඳමින් ජයග්‍රහණය කළා. 

තරගාවලියේ දෙවැනි ස්ථානය තායිලන්තයේ රූ රැජින දිනාගත් අතර එහි තෙවැනි ස්ථානයට පත්ව තිබුණේ වෙනිසියුලා රූ රැජිනයි.

දෙසතියකට වැඩි කාලයක් පැවති තරගාවලිය කාගේත් අවධානය දිනාගත්තේ අවස්ථා කිහිපයකදී එහි ඇතිවූ මතභේදාත්මක සිදුවීම් හේතුවෙන් බව සඳහන්. 

එහිදී, තරග විනිශ්චය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ඉන් ඉවත්ව යාම මෙන්ම ජැමෙයිකා තරගකාරිය වේදිකාවෙන් ඇදවැටී බරපතළ තුවාල ලැබීම වැනි සිදුවීම් එහිදී කාගේත් වැඩි අවධානය දිනාගත් සිදුවීම් ලෙස කියැවේ. 

තරගකාරියන් 130 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 74 වැනි වරට පැවැති විශ්ව රූ රැජින තරගාවලිය වාර්තා අතරට එක්වන්නේ ලොව පැරැණිතම රූ රැජින තරගයක් ලෙසයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required