/
/
title icon
ගනේතැන්නේ නායයෑමෙන් 04ක් මරුට
ගනේතැන්නේ නායයෑමෙන් 04ක් මරුට
News Editor
5 hours ago
Share:
ගනේතැන්නේ නායයෑමෙන් 04ක් මරුට

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අද පෙරවරු 9.00ට පමණ පහලකඩුගන්නාව - ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල්පෙරළීමෙන් මෙම අනතුර සිදුවුණා. 

එහිදී සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර, මුදාගැණුනු පුද්ගලයින් සිව්දෙනෙකු මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

සුන්බුන් අතර තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සිරව සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, අදාල ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නායයෑම සිදුවු ස්ථානය නැරඹීම සදහා පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා අවට ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදුකළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required