/
/
title icon
මුහුදුබඩේ දුම්රිය ගමන් වැලිගමට සීමා කෙරේ
මුහුදුබඩේ දුම්රිය ගමන් වැලිගමට සීමා කෙරේ
News Editor
5 hours ago
Share:
මුහුදුබඩේ දුම්රිය ගමන් වැලිගමට සීමා කෙරේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වැලිගම දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

ඒ, ඊයේ පස්වරු 02.05ට මාතර සිට මරදාන දක්වා ධාවන වූ මන්දගාමී දුම්රිය කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්වීමෙන් අනතුරුව යළි පීලිගත කිරීම් සිදුකළ නමුත් එම දුම්රිය නැවත එම ස්ථානයේම පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්. 

ඒ අනුව එම දුම්රිය යළිත් පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙනවා. 

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ සිට වැලිගම දක්වා සීමා කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required