/
/
title icon
ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවයි
ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවයි
News Editor
5 hours ago
Share:
ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවයි

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කොළඹට කැඳවා තිබෙනවා. 

2026 වසරේ රජයේ සංවර්ධන වැඩසටහන් සහ 'ප්‍රජාශක්ති' ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අද අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන සාකච්ඡාවක් වෙනුවෙන් මෙම කැඳවීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව තිබුණේ. 

එහිදී ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක  'ප්‍රජාශක්ති'වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු පුළුල් ලෙස දැනුම්වත් කිරීමට නියමිතයි. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required