/
/
title icon
මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගැලවූ සැකකරුවෙකුට වැඩ වරදී
මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගැලවූ සැකකරුවෙකුට වැඩ වරදී
News Editor
8 hours ago
Share:
මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගැලවූ සැකකරුවෙකුට වැඩ වරදී

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. 

එමෙන්ම, වාලච්චේන පොලීසිය සැකකරුවන් විසින් ගැලවූ නාමපුවරුද සොයාගෙන ඇති බවද මේ වනවිට වාර්තා වනවා. 

එසේම, මෙම සිද්ධියට සම්බන්ධ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඒ අනුව ඔහු සොයා පොලිස් කණ්ඩායම් 04ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුනු කරමින් දිශා පුවරු සහ සංඥා පුවරු සවිකිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය නොවැම්බර් 03 වැනිදායී.

ඉන් පසුව සැකකරුවන් විසින් මෙම පුවරු ඉවත්කර ඇත්තේ පසුගිය 22 වැනිදා බවටය් වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී පුවරු ගලවා ඉවත් කරනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

ඒ අනුව ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක ආරම්භ වුණා.

මේ අතර, පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

එසේම, මෙම ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳ දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required