සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'දෙහි බාලේට' අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.
එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවයි වාර්තා වන්නේ.