/
/
title icon
ආපදා මරණ 37ක් - 21ක් අතුරුදන්
ආපදා මරණ 37ක් - 21ක් අතුරුදන්
News Editor
1 week ago
Share:
ආපදා මරණ 37ක් - 21ක් අතුරුදන්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (26) සහ අද (27) දෙදින තුළ පමණක්  පුද්ගල මරණ 37ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 17 සිට මේ දක්වා කාලය තුළ සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

එමෙන්ම පවුල් 1729කට අයත් පුද්ගලයින් 5,893 දෙනෙකු ද අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවද එම මධ්‍යස්ථානය පැවසුවා.

මේ අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේ, එම දිස්ත්‍රික්කයේ සිදුවු නායයෑම් හේතුවෙන් මරණ 23ක් සිදුව ඇති බවයි.

පුද්ගලයින් 5 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

එමෙන්ම මහනුවර, ගංගොඩ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්  විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසුවේ, නායයෑමේ අවදානමක් හේතුවෙන් නිවාස කිහිපයක පදිංචිකරුවන් ආරක්ෂාව සඳහා එක් නිවසක රැදී සිටිය දී එම නිවස නායයෑමට ලක්ව ඇති බවයි.

මේ වනවිට අතුරුදන්වු පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා‍.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් හේතුවෙන් මරණ 6ක් සිදුව තිබෙනවා.‍

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required