/
/
title icon
රාජ්‍ය සේවකයින්ට හෙට නිවාඩු - ආපදා මරණයකට රුපියල් ලක්ෂ 10ක්
රාජ්‍ය සේවකයින්ට හෙට නිවාඩු - ආපදා මරණයකට රුපියල් ලක්ෂ 10ක්
News Editor
1 week ago
Share:
රාජ්‍ය සේවකයින්ට හෙට නිවාඩු - ආපදා මරණයකට රුපියල් ලක්ෂ 10ක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට දිනය විශේෂ නිවාඩු දිනයක් වන බවයි.

මේ අතර, අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව මියගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබාදෙනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required