/
/
title icon
උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල්යයි
උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල්යයි
News Editor
6 days ago
Share:
උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල්යයි

තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා. 

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. 

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කළ බව ඇය සඳහන් කළා.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ දිවයිනේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් හා මහාමාර්ග ගංවතුරෙන්, පස්කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වී ඇති අතර පාසල් දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. 

ඒ අනුව දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය මෙලෙස දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. 

එමෙන්ම, 12 ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් දෙසැම්බර් 06 වැනිදා පැවැත්වීමට තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මෙහිදී ඇය වැඩිදුරටත් පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required