/
/
title icon
අයහපත් කාලගුණය පැය 72ට 46ක් බිලිගනී - කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්
අයහපත් කාලගුණය පැය 72ට 46ක් බිලිගනී - කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්
News Editor
6 days ago
Share:
අයහපත් කාලගුණය පැය 72ට 46ක් බිලිගනී - කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තා වී තිබෙනවා. 

ඒ අනුව නොවැම්බර් 16 වනදා සිට මේ දක්වා සිදුවී ඇති ආපදා මරණ සංඛ්‍යාව 56ක්. 

පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 12,313කට අයත් පුද්ගලයින් 43,991 පීඩාවට පත්වී සිටිනවා‍. 

නිවාස 04කට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව 666ක් බවද ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. 

මේ අතර, කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required