අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම, පුද්ගලයින් 176දෙනෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය අද පස්වරුවේ නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 179,868ක පුද්ගලයින් 646,567 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බවයි.
එමෙන්ම, පවුල් 22,212කට අදාළව පුද්ගලයින් 78,010දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 716ක රැඳී සිටිනවා.