/
/
title icon
ගංවතුරෙන් පසු
ගංවතුරෙන් පසු
Nishani Dharmapriya
6 days ago
Share:
ගංවතුරෙන් පසු

ගංවතුරෙන් පසු

2025 නොවැම්බර් මස ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළිකුණාටුව නිසා අධික වැසි,සුළං,නායයාම්, ගංවතුර ඇතුළු ආපදා රැසක් ඇති විය. සුළිකුණාටුව ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට යාමත් සමඟ වර්ෂාපතනයෙහි යම් අඩුවීමක් දැකගත හැකි විය.මේ වන විට බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය අඩු බවක් පෙන්නුම් කරනු ලබයි. කෙසේවෙතත් මීළඟට මුහුණ දීමට සිදුවන විශාලතම අභියෝගය වන්නෙ සියල්ල නැවත පෙර පරිදි යථාතත්ත්වයට පත්කර ගැනීමයි.

පළමුව අවධානය යොමු කළ යුත්තේ ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශවලට ආපසු යාමට තරම් එම ප්‍රදේශ ආරක්ෂිතද නැද්ද යන්න වග තහවුරු කර ගැනීමයි. ඒ සඳහා අදාළ ආපදා කළමනාකරණ නිළධාරීන්ගේ සහය සහ දැනුවත්භාවය ලබාගෙන ඔවුන්ගෙ උපදෙස් මත කටයුතු සිදු කළයුතුය.ඇතැම් අවස්ථාවලදී ගොඩනැගිලි වලට හානී වී තිබිය හැක.එම නිසා ගොඩනැගිලි වලට ඇතුළු වීමට පෙර ඒ පිළිබඳව හොඳින් පරීක්ශා කර බැලිය යුතුය.

විදුලිය විසන්ධි කිරීමෙන් පසු නිවෙස් වලට ඇතුළු වීම කළ යුතු අතර බිම වැටී ඇති විදුලි රැහැන් සහ තෙත්ව ඇති විදුලි උපකරණ හෝ ස්විච් ස්පර්ශ නොකළ යුතුය. ගංවතුරට හානි වූ විදුලි උපකරණ ඇතුළු වෙනත් උපකරණ ක්‍රියාත්මක කිරීමට පෙර වෘත්තීය කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීමට අවධානය යොමු කළ යුතුය.එසේම ගංගාවේ ජලය බැස ගියත් ඇතැම් පහත් ස්ථානවල ජලය පිරී තිබිය හැක. එවැනි ජලය රැඳී ඇති ස්ථානවල විෂ රසායන ද්‍රව්‍ය, මල අපද්‍රව්‍ය,විදුලි ආරෝපණ,ඇසට නොපෙනෙන උල් ,කටු වැනි තියුණු වස්තූන් තිබිය හැකි නිසා ජලය සම්පූර්ණයෙන්ම ඉවත්වන තෙක් එම ස්ථානවල ඇවිදීමෙන් වැළකිය යුතුය.

හැකි නම් නිවාස හා ගොඩනැගිලි ආදිය පිරිසුදු කිරීමේදී ආරක්ෂිත උපකරණ එනම් බූට්ස්,අත්වැසුම් ආදීය පැළඳිය යුතුය. නිවසේ දොර ජනෙල් විවෘත කර හොඳින් වාතාශ්‍රය ලබා දීමෙන් නිවස තුළ දිලීර වර්ධනය පාලනය කිරීමට උපකාරී වේ. හැකි නම්, පැය 24- 48ත් අතර කාලය තුළ නිවස සහ අනෙකුත් භාණ්ඩ වියළා ගැනීමට උත්සාහා කළ හැකිය. ගංවතුර ජලයට නිරාවරණය වූ බිත්ති, බිම්, ගෘහ භාණ්ඩ සහ අනෙකුත් මතුපිට උපරිමයෙන් පිරිසිදු කර විෂබීජහරණය කිරීමට උත්සාහ ගත යුතුය.එසේම තවත් ඉතාම වැදගත් කාරණාවක් වන්නේ,ගංවතුරට නිරාවරණය වූ ප්‍රදේශවල ජලය ආහාර පිසීම,පානය හෝ ස්නානය සඳහා සුදුසු නොවන අතර ඒ සඳහා පිරිසුදු උණු කර නිවාගත් ජලය හෝ බෝතල් කල පානීය ජලය භාවිතයට ගත යුතුය. ජල සැපයුම සම්බන්ධව වගකියන නිලධාරීන් විසින් ජලයේ ආරක්ෂිත බව තහවුරු කරන තෙක් ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

ගංවතුරට හසුවූ, තෙමුනු ආහාර ද්‍රව්‍ය කිසිවිටකත් ආහාරයට ලබා ගැනීමට සුදුසු තත්ත්වයක පවතින්නේ නැත. අත්‍යවශ්‍යයෙන්ම ගංවතුර ස්පර්ශ වූ පසු සබන් භාවිත කර සෝදා ගත යුතුය.ශරීරයේ සුව නොවූ තුවාල පවතී නම් ගංවතුරට නිරාවරණය නොවිය යුතු අතර පිරිසිදු කර ගතයුතු නමුත් අසාධ්‍ය තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.ගංවතුරක් යනු බොහෝ රෝගයන්ට අත වැනීමක් වැනිය. ගංවතුරකින් පසුව බහුලව මී උණ, පාචනය, කොලරාව වැනි රෝගත් , ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවක් ඇතිවේ. මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමුවීම කළ යුතුය.

විශේෂයෙන්ම දරුවන් , වියපත් වැඩිහිටියන් සහ රෝගීන් ගං වතුර ජලයෙන් සහ පිරිසිදු කිරීමේ කටයුතුවලින් දුරස් කර ඔවුන්ගේ මානසික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.රක්ෂණ සමාගම් සමඟ ගනුදෙනු කරන්නෙ නම් හානියට පත් දේපළවල ඡායාරූප හෝ වීඩීයෝ ගෙන හානි වාර්තා කර අදාළ වන්දි ලබා දෙන බලධාරීන් සම්බන්ධ කරගත හැක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required