ආපදාවෙන් අහිමි වූ ජීවිත නැවත ලබාදිය නොහැකි නමුත් ආණ්ඩුවක් ලෙස ජීවත්ව සිටින පිරිසට වඩාත් සුදුසු ගුණාංගවලින් සමන්විත රටක් හිමිකර දීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ආණ්ඩුව ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවී ඇති අතර, එවැනි ඉරණමක් නැවත ඇති නොවීමට වගබලා ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ආපදා හේතුවෙන් මේ වනවිට සිය ඥාතීන් සමීපතමයින් අහිමිවී ගොස් වේදනාවෙන් සිටින පිරිසට රටක් ලෙස තම සංවේගය ප්‍රකාශ කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
එසේම, ආර්ථික අර්බුදයක් තිබෙන මොහොතක වුවත් ව්‍යසනයට මුහුණදුන් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
2026 අයවැය සඳහා වෙන්කළ මුදල් යම් ප්‍රමාණයක් ආපදා තත්ත්වයට යොදාගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
"අපි අද ඉල්ලනවා තව අපිට බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරලා දෙන්න කියලා. අපි ගාව බිලියන 22.2ක් තියෙනවා. ඒ කියන්නේ බිලියන 72.2ක් අපිට ඉදිරි දින 25ට වියදම් කරන්න තියෙනවා. මේ බිලියන 50 අපි ඉල්ලන්නේ මේ බිලියන 72.2 අපි වියදම් කරන්නේ කුමකටද ?.
හදිසි ආපදා තත්ත්වය පහව යාමෙන් පසුව ආපදාවට ලක්වූ පවුල් වෙත තම නිවාස නැවත පදිංචියට යෝජිත පරිදි පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25,000ක් දෙනවා. ගෙවල් දොරවල් විනාශ වෙලා තියෙනවා.
ආපදාවෙන් බලපෑමට ලක්වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශය මුලුතැන්ගෙයි බඩුමුට්ටු මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට එකවරක් පමණක් ගෙවන රුපියල් 50,000ක දීමනාවක් දෙන්න, මේක අද කැබිනට් මණ්ඩලය රැස්වෙලා අද මේ චක්‍රලේඛය සම්මත කරනවා.
ඊළඟට අපි අපේක්ෂා කරනවා නාය ගිහිල්ලා අවතැන් වූවන් පිරිසක් ඉන්නවා. ඔවුන්ට අපි අවතැන් කඳවුරේ ඉන්නවානම් අපි සියලු පහසුකම් දීලා බලාගන්න කැමතියි. නමුත් සමහරවිට වෙන්න පුළුවන් ඒගොල්ලෝ අවතැන් කඳවුරුවල ඉන්න කැමති නෑ. අන්න ඒ නිවාස නැති කෙනෙකුට මාස තුනක කාලයක් සඳහා ගෙදරකට යාම සඳහා මාසෙකට රුපියල් 25,000ක් දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ අයගේ ජීවන උපායට හානි වෙලා තියන්නේ. ඒ නිසා දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන මාස සඳහා නිවාස අහිමි වෙලා අවතැන් වූ පවුලකට අවතැන් කඳවුරේ ඉන්නවානම් භේදයකින් තොරව රුපියල් 50,000ක දීමනාවක් ලබා දෙනවා.මාස තුනක් මේක අඛණ්ඩව ලබාදෙනවා.
ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා උපරිම ලක්ෂ 25 දක්වා ඒ ගෙවල් යළි ප්‍රතිසංස්කරණය කරගැනීම සඳහා අපි ලබා දෙනවා.
ආපදාවට ලක්වෙලා මියගිය අයට රුපියල් ලක්ෂ 10ක දීමනාවක් මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා."