බූස්ස බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයකදී එම බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා තිබෙනවා.
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඔවුන් සිටින සිර මැදිරිවලින් වෙනත් සිරමැදිරිවලට මාරු කිරීමට යාමේදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ මාරුකිරීම්වලට රැඳවියන් විරෝධය පළ කර ඇති අතර එහිදී රැඳවියන් විසින් සිදුකළ පහරදීමේදී බන්ධනාගාර අධිකාරිවරයෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.
කෙසේ වෙතත්, මේ වන විට තත්ත්වය සමතයකට පත් කර ඇති බව වාර්තා වනවා.