දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇදහැළුණු අධික වැසි හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබෙනවා.
එම මුදල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනමා තිබුණා.
බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන්ද මෙම අවස්ථාවට සහභාගී වූ බව සඳහන්.