/
/
title icon
ආපදාවෙන් නිවාස 5,000කට හානි
ආපදාවෙන් නිවාස 5,000කට හානි
News Editor
2 hours ago
Share:
ආපදාවෙන් නිවාස 5,000කට හානි

දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ සිදුවූ ආපදාවෙන් මේ වනවිට නිවාස 5,325ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

එයින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,815ක්.

අනතුරුව වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම හානි වූ නිවාස ගණන 767ක් වනවා.

තවද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 476ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 415ක්ද, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 404ක්ද මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 300ක්ද ආපදාවෙන් සම්පූර්ණ විනාශ වි තිබෙනවා.

මේ අතර ආපදාවෙන් අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස අතුරින් ද වැඩිම නිවාස ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 13,422ක්.

අර්ධ වශයෙන් හානි වූ නිවාස අතරට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,601ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,830ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් නිවාස 4,809ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් නිවාස 4,135ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නිවාස 3,742ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 3,600ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නිවාස 3,526ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 2,249ක් ලෙසද වාර්තා වී තිබෙනවා.

පැවති ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ වැඩිම පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 98,146ක පුද්ගලයින් 349,429ක් බලපෑමට ලක්ව ඇතැයිද සඳහන්.

දෙවැනියට වැඩිම ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල්  85,803ක පුද්ගලයින් 328,847ක් ආපදා තත්තවය හේතුවෙන් අවතැන් වී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required