/
/
title icon
අගමැතිනිය "හරිනි" පේරාදෙණිය සරසවියට
අගමැතිනිය "හරිනි" පේරාදෙණිය සරසවියට
News Editor
2 hours ago
Share:
අගමැතිනිය "හරිනි" පේරාදෙණිය සරසවියට

ගංවතුරින් හානියට පත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇදහැළුණු වැසි හේතුවෙන් ජලයෙන් යට වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඩාවට පත් ශිෂ්‍යයින් සහ පීඨාධිපතීන් හමුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. 

අධ්‍යයන ගොඩනැගිලි, ශිෂ්‍ය නේවාසික පහසුකම් සහ ප්‍රධාන යටිතල පහසුකම්වලට සිදු වූ හානිය පරීක්ෂා කිරීම ඇයගේ මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී තිබුණා.

කළමනාකරණ, කෘෂිකර්ම විද්‍යා සහ පශු වෛද්‍ය පීඨවලට මෙන්ම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, CDCE, ව්‍යායාම ශාලාව, පිහිනුම් තටාක සහ ක්‍රීඩා පිටිවලට සිදු වී ඇති හානිය පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල නිලධාරීහු  අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරනු ලැබුවා.‍ 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required