/
/
title icon
උසස් පෙළේ ඉතිරි කොටස් පවත්වන දින ප්‍රකාශයට පත් කෙරේ
උසස් පෙළේ ඉතිරි කොටස් පවත්වන දින ප්‍රකාශයට පත් කෙරේ
News Editor
1 day ago
Share:
උසස් පෙළේ ඉතිරි කොටස් පවත්වන දින ප්‍රකාශයට පත් කෙරේ

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන්ට අදාළ සංශෝධිත කාල සටහන විභාග දෙපාර්තමේන්තුව අද  නිකුත් කරනු ලැබුවා. 

ඒ අනුව ජනවාරි මස 12 වැනිදා පෙරවරුවේ ගෘහ ආර්ථික විද්‍යාව පැවැත්වෙන අතර පස්වරුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

ජනවාරි මස 13 වැනිදා පෙරවරුවේ ගිණුම්කරණය අරාබි සහ චීන භාෂාව යන විෂයන් පැවැත්වෙන අතර එදින පස්වරුවේ ශ්‍රී ලංකා ඉතිහාසය සහ මැලේ භාෂාව යන විෂයන් පැවැත්වෙන බවත් 14 වැනිදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරුවේ පැවැත්වෙනවා‍. 

එසේම, හින්දි සහ කොරියන් භාෂා විෂයන් 14 වැනිදා පස්වරුවේ පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

තවද ජනවාරි මස 16 වැනිදා ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය උසස් ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය සහ ග්‍රීක හා රෝම ශිෂ්ඨාචාරය රුසියන් සහ ජපන් භාෂාව පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරුවේ පැවැත්වෙන අතර පස්වරුවේ භූගෝල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්ත‍ේ. 

තවද ජනවාරි මස 17 වැනිදා ගණිතය දෙවන පත්‍රය රුසියන් සහ ජපන් භාෂා දෙවන පත්‍රය පෙරවරුවේ පැවැත්වෙනවා. 

එදින පස්වරැවේ භූගෝල විද්‍යාව දෙවන පත්‍රය පැවැත්වීමටයි  නියමිතව ඇත්තේ. 

ජනවාරි මස 19 වැනිදා හින්දි දෙවන පත්‍රය සහ කොරියන් භාෂාව දෙවන පත්‍රය පැවැත්වෙනවා. 

එදින පස්වරැවේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පළමු පත්‍රය සහ ජනවාරි මස 20 වැනිදා උසස් ගණිතය දෙවන පත්‍රය ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය දෙවන පත්‍රය පෙරවරැවේ පැවැත්වේ එදින පස්වරුවේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය දෙවන පත්‍රයට අදාළ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ අතර ආපදාවන්ට ලක් වූ පාසල් සිසුන්ට සිය විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු අතර විදුහල්පතිවරුන් ආපදාවට ලක් වූ පාසල් අයදුම්කරුවන් පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හා විභාග කොමසාරිස් දැනුවත් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

මීට අමතරව ආපාදාවට ලක් වූ පෞද්ගලික අයදුම්කරුවන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටිමින් නොහැකි නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 011 2784537 011 278 6616 011 278 4208 යන දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required