/
/
title icon
දිට්වා නිසා අතුරුදන්වූවන්ට මරණ සහතික
දිට්වා නිසා අතුරුදන්වූවන්ට මරණ සහතික
News Editor
1 day ago
Share:
දිට්වා නිසා අතුරුදන්වූවන්ට මරණ සහතික

දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් අතුරුදන් වූ පුද්ගලයන් 203 දෙනෙකුට මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

පසුගිය 02 වැනිදා රජය විසින් නිකුත් කරනු ලැබූ විශේෂ ගැසට් නිවේදනයට අනුව හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයකු සති 2කට පසුවත් යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපංචි කිරීමේ සහතිකයක් නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. 

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අතුරුදන්ව ඇති පුද්ගලයින් 203 දෙනෙකු සඳහා රජයෙන් ලබාදෙන වන්දි මුදල් කඩිනමින් ලබාදීමේ අරමුණින් මෙම සහතික නිකුත් කරන බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

ඒ අනුව මෙම ව්‍යසනය හේතුවෙන් පුද්ගලයකු, ඥාතියකු හෝ මිතුරකු අතුරුදහන් වී ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා තහවුරු කරන්නේ නම් එම දිස්ත්‍රික් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් වෙත මරණ ලියාපදි කිරීමේ සහතික නිකුත් කිරීමේ බලය පවරා තිබෙනවා. 

ආපදාවට ලක් වූ අතුරුදහන් වු පුද්ගලයා සම්බන්ධයෙන් විරෝධතා මතු නොවන්නේ නම්, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා අයැදුම්පත රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් බලය පවරන ලද ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අදාළ අනුමැතිය අනුමත කරනු ලබනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required