/
/
title icon
දිට්වා නිසා ආපදාවට පත් ව්‍යවසාය නැංවීමට අලුතින් ණය යෝජනා ක්‍රම
දිට්වා නිසා ආපදාවට පත් ව්‍යවසාය නැංවීමට අලුතින් ණය යෝජනා ක්‍රම
News Editor
11 hours ago
Share:
දිට්වා නිසා ආපදාවට පත් ව්‍යවසාය නැංවීමට අලුතින් ණය යෝජනා ක්‍රම

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත නඟා සිටු වීම පිණිස සහාය වීමේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා‍. 

වසර ගණනාවක් පුරා, ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමක් කිරීම සඳහා රජය විසින් විවිධ සහනදායි ණය වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, ඒවා අතරින්, කාර්මික සහ නිෂ්පාදන අංශ වල ආයෝජන සඳහා SMILE - III අදියර, පරිසර හිතකාමී මුල්‍යකරණ සඳහා E-FRIEND - II අදියර සහ සියලුම ක්ෂුද්‍ර  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා පුළුල් හා පහසු ප්‍රවේශයක් සහිත මූල්‍ය සහාය ලබාදෙන, රජය විසින් අරමුදල් සපයනු ලබන ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම (RE- MSME) යන ණය යෝජනා ක්‍රම ඒකාබද්ධ කර, 2026 වර්ෂයේ සිට RE-MSME PLUS ක්‍රියාත්මක කිරීමටත්, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ආපදා සහන (RE - MSME - Disaster Relief) ණය යෝජනා ක්‍රමය නමින් නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කෙරෙනවා. 

ඒ යටතේ ව්‍යවසායකයන් 130,000කට පමණ ක්ෂණික සහ මධ්‍ය කාලීන මූල්‍ය සහන ලබාදීමේ ක්‍රියාමාර්ග හඳුන්වාදීමට යි අපේක්ෂා කෙරෙන්නේ. 

යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා රුපියල් 250,000/- ක සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා රුපියල් 1,000,000/-ක උපරිමයකට යටත්ව, මාස 06 ක උපරිම සහන කාලයක් සහිතව වාර්ෂික 3%ක පොලී අනුපාතයක් යටතේ අවුරුදු 03 ක කාලසීමාවක් සඳහා අවශ්‍ය අරමුදල් සලසා දීමට පියවර ගනු ඇති. 

ඒ අනුව, RE-MSME PLUS ණය  යෝජනා ක්‍රමය සහ RE- MSME - Disaster Relief 6 යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required