/
/
title icon
සපුගස්කන්දේ අනතුරකට හිටපු කථානායක රන්වල අත්අඩංගුවට
සපුගස්කන්දේ අනතුරකට හිටපු කථානායක රන්වල අත්අඩංගුවට
News Editor
5 months ago
Share:
සපුගස්කන්දේ අනතුරකට හිටපු කථානායක රන්වල අත්අඩංගුවට

කිරිබත්ගොඩ, සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පවසනවා.

එම අනතුරින් කාන්තාවන් දෙදෙනකු සහ මාස 6 ක බිලිදකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා‍. 

හිටපු කථානායකවරයාද කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී සපුගස්කන්ද පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

අනතුරක් වළක්වා නොගැනීම සහ අන්තරාදායක ලෙස රියැපැදවීම යන වැරදි යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි වුට්ලර් මහතා තවදුරටත් පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required