/
/
title icon
විජයදාස රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විජයදාස රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
News Editor
5 months ago
Share:
විජයදාස රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට

හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කර තිබෙනවා. 

විජයදාස රාජපක්ෂ මහතා එම තනතුරට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මහරගම ආසන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් නායක සහ එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික තනතුරුවලටද පත්කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. 

විජයදාස රාජපක්ෂ වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් පක්‍ෂය සමග එකතුවීම ශක්තියක් බවත් පක්ෂයක් ලෙස දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required